Contact Us (+94)112667321
අන්තර්ජාතික තරග ජය ගැනීමට ඉහළ තාක්ෂණ රග්බි සංචිතයක්.

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් පසුගිය වසරේ මුල් භාගයේ සිට දැඩි පසුබෑමකට ලක් වී තිබෙන මෙරට රග්බි ක්රීඩාව නැවත පණ ගැන්වීමේ අරමුණින් යුතුව ඉහළ තාක්ෂණ සත් සාමාජික රග්බි සංචිතයක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ් සෞඛ් නීතිරෙගුලාසි යටතේ අධි අවදානම් ක්රීඩාවක් ලෙස නම් කර ඇති රග්බි ක්රීඩාව මේ වන විට අන්තර්ජාතික වශයෙන් රටවල් රැසක් යළි ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී අන්තර්ජාතික රග්බි තරගාවලි කිහිපයක් ඉලක්ක කරමින් මේ ඉහළ තාක්ෂණ සත් සාමාජික රග්බි සංචිතය පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ පසුගියදා ශ්රී ලංකා රග්බි ආයතනයේ ලේකම් ජූඩ් පිල්ලේ ඇතුළු ඉහළ නිලධාරීන් සහ සංජීව වික්රමනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්රීඩා අමාත්යාංශයේ ඉහළ තාක්ෂණික පුහුණුව සඳහා සංචිත ස්ථාපිත කිරීමේ කමිටුව අතර, දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති ඇතැයි ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. රග්බි ආයතනය විසින් අධි තාක්ෂණ රග්බි සංචිතයට ක්රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇතැයි , කොවිඩ් සෞඛ් නිර්දේශ සැලකිල්ලට ගනිමින් අධි තාක්ෂණ කමිටුවේ ඉල්ලීම මත එම සංචිතය ක්රීඩකයන් 20 දෙනා දක්වා සීමා කර ඇතැයි වාර්තා වේ.

දේශීය වශයෙන් රග්බි තරග නොපැවත්වූව , අන්තර්ජාතික තරගාවලි සඳහා අදාළ රටෙහි කණ්ඩායමක් සහභාගි කර වීම අනිවාර්ය බවට ලෝක රග්බි සම්මේලන නිවේදනය කර ඇතැයි කියැවේ. එමෙන්ම ශ්රී ලංකාවෙන් අන්තර්ජාතික තරග සඳහා කණ්ඩායමක් ඉදිරිපත් නොවන්නේ නම් මෙරට රග්බි සංවර්ධනය සඳහා ආසියානු රග්බි සංගමයෙන් ලැබෙන මූල් ප්රතිපාදන සඳහා එය බාධාවක් වනු ඇතැයි වාර්තා වේ.

එබැවින් ඉදිරියේදී අන්තර්ජාතික තරග ඉලක්ක කරමින් මේ සංචිතය නේවාසික පුහුණුවකට යොමු කිරීමටත්, එම ක්රීඩකයන් රග්බි ආයතනය සමඟ ගිවිසුම්ගත කිරිමටත් පියවර ගනු ඇතැයි ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි. අනුව එම ක්රීඩකයන්’, ‘බී’, සහසීවශයෙන් කාණ්ඩ ගත කර ගෙවීම් සිදු කිරීමට නියමිතය.

සත් සාමාජික රග්බි ක්රීඩාව මත පදනම්ව පිහිටුවීමට අදහස් කරන අධි තාක්ෂණ රග්බි සංචිතයට ඇතුළත් වන ක්රීඩකයන්ට 15 සාමාජික රග්බි පිටියේ ක්රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන අතර, එම ක්රීඩකයන් අන්තර්ජාතික සත් සාමාජික තරග සඳහා පමණක් යොමු කිරීමට අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්

 

http://www.dinamina.lk/

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk