Contact Us (+94)112667321
රගර් අහසට M තරු දෙකක්

ශ්‍රී ලංකා රගර් පරිපාලනයට අලුතින් වානිජ අධ්‍යක්ෂවරයෙක් සහ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් හඳුන්වා දෙන්නට තීරණය කර තිබෙනවා.ඒ අනුව එහි නව වානිජ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදියෙක් වන මහේස් සේනානායකත් මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට මාලන් ඩේල් ෆෙරෙයිරාත් නම් කර තිබෙනවා.

මාධ්‍ය කේෂ්ත්‍රයේ මෙන්ම වෙළ ද ප්‍රවර්ධන කටයුතුවලත් ප්‍රවීනයෙක් වන මහේෂ් මෑත කාලයේ සිය වානිජ දැණුම මෙන්ම ඉංග්‍රිසි දැණුමද මාර්ගගත තාක්ෂණය ඔස්සේ විශාල පිරිසකට බෙදා දුන්නා.ශ්‍රී ලංකාවේ ආසියානු රග්බි තරගාවලියක් පැවත් වූ අවස්ථාවේ දී එහි ප්‍රවර්ධන කටයුතු භාරව කටයුතු කළ මහේෂ් 2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති ලෝක කුසලාන ක්‍රික්ට් තරගාවලියේි ශ්‍රී ලංකාවේ මාධ්‍ය කළමණාකාරු ලෙස කැපී පෙණෙන මෙහෙයක් ඉටු කළා.

එසේම වානිජමය කේෂ්ත්‍රයේ ආයතන ගණනක ප්‍රධානියෙක් සේ අත්දැකීම් ඇති මහේෂ් එම විෂයන් පිළිබ ද ගුරුවරයෙක් ලෙද විශාල කාර්ය භාරයක් කර තිබෙන අයෙක්.සංනිවේදකයෙක් ලෙස ක්‍රීඩා මෙන්ම වෙනත් සමාජීය කාරණා ද,දේශපාලන වැඩ සටහන්වලටද දායකත්වය දක්වා ඇති මහේෂ්,වෙළද දැන්වීම් නිරමාණකරනයේද ආකර්ශණිය වූ රූපමය නිර්මාණ කිහිපයක් නිර්මාණය කිරිමට ද සිය දායකත්වය දක්වා තිබෙනවා.

රග්ර් ක්‍රීඩකයෙක් හැටියට මහනුවර් කිංග්ස්වුඩ් විද්‍යාලයට නායකත්වය පවා දී ඇති මහේෂ්,පළමු පෙළ තරඟ සඳහාද ක්‍රීඩා කර තිබෙනවා.එසේම විනිසුරුවෙක් හැටියට මෙන්ම මෑථ කාලයේ තරග කොමසාරිස්වරයෙක් ලෙස ද කටයුතු කරන අතර මේ වන විට කිස්වුඩ් රගර් සමාජයේ සභාපති ධූරයද දරනවා.

මාලන් ෆෙරෙයිරා පුවත්පත් මාධ්‍යවේදියෙක් සේ රග්ර් ක්‍රීඩාව සමඟ දිගු නෑකමක් ඇති අයෙක්.විවිධ සම්මානවලින් පිඳුම් ලැබූ ෆෙරෙයිරාගේ මාධ්‍ය ජීවිතය මේ වන විට නව මාධය ඉසව් හරහා ජනතාවට සමීප කරමින් සිටිනවා.

ප්‍රායෝගිකව මාධය කේෂ්ත්‍රය තුළ නියෝජනයක් හැටියට කැපී පෙණෙන වැඩ කොටසක් සිදු කරන අතරේම එහි ප්‍රමුඛතාවය ක්‍රීඩාවටත්,එයින්ද රගර් ක්‍රීඩාවටත් සුවිශේෂි ඉඩක්ද වෙන කර තිබෙන බැවින් රගර් ක්‍රීඩාව මාධ්‍ය අතර රඳවා තැබා ගැනීමට ප්‍රයෝගික දායකත්වයක් දැක්විය හැකි අවබෝධයකින් කටයුතු කරන්නට ෆෙරෙයිරාට ඇති හැකියාව මෙහිදි වැදගත් වෙනවා.

එසේම ජාත්‍යන්තර භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදියෙක් හැටියට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ අලුත් මානයන් සුහදශීලී සහ ආකර්ශණශීලී ලෙස ලෝකයට ගෙන යාම සම්බන්ධයෙන්ද ඔහුට හොද මැදිහත්විමක් කළ හැකියි.මිත්‍රශිලීව මාධ්‍ය හැසිරවීමට මාධ්‍යවේදියෙක් වන බැවින් වෙනත් උපදෙස් අනවශ්‍යය අතර එය ප්‍රායෝගිකව ඉටු කරමින් රටේ රගර් ක්‍රීඩාව ව්‍යාප්තියට කළ හැකි මාධ්‍ය ව්‍යාපෘති මෙන්ම රටේ රගර් විදේශයන්ට ආකර්ශනය කිරිමේ මාධය මෙහෙයුම් ද සාර්ථකව ඉටු කර ගන්නට ඔහුට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකියි.

මේ දෙදෙනාටම මේ මොහොතේ වැදගත්ම රටේ රගර් ක්‍රීඩාවේ රොඳ බැදීම සුළු පිරිසකගේ සහ දේශපාලනයේ තෙරපුම නිසා යම් කිසි අඳුරු වීමේ ඉඩකට තල්ලුවෙමින් තිබීම වැළක්වීම වන අතර ඒ නිසා ලාංකේය රගර් අහසේ දීප්තිය රැඳි තරු දෙක්ක වීම වෙනු විනා රගර් පරිපාලනයට සම්බන්ධ තනතුරු නමාකරණයෙන් යුත් පුටු දෙකක් වීමට ඔවුන්ට ඉඩක් නැහැ.තමන් සම්බන්ධ කේෂ්ත්‍ර ගැන අත්දැකිම් සහිත පුද්ගලයන් වන බැවින් එවැනි හිස් පුටු නොවනු ඇතැයි යන විශ්වාසයෙන් අපි මහේෂ් සහ මාලන් වූ ශ්‍රී ලංකා රගර් හි නව තනතුරුවලට පත් එම්මය (M) සුසංයෝගයට සුභ පතන්නෙමු.
නමුත් අපි සියල්ල පිළිබඳව අවදියෙන් සිටින්නෙමු.

https://sinhala.lankanewsweb.net/

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk