Contact Us (+94)112667321
කාන්තා රග්බි පිල ඩුබායි යයි

ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට ක්රීඩා කිරීමට ක්රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්යය බලා පිටත්ව ගියේය. ශ්රී ලංකා යුද හමුදාවේ ප්රබල ක්රීඩිකා දුලානි පල්ලෙකොන්දගේ නායකත්වය දරන ශ්රී ලංකා කාන්තා රග්බි පිලට යොවුන් ක්රීඩිකාවෝ රැසක් ඇතුළත් වෙති.

මීට පෙර ආසියා සත් සාමාජික රග්බි තරග බිමේ පළඟ ශූරතා දිනා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියේදී කුසලාන වටය දක්වා යෑමේ හැකියාව ඇතැයි ප්‍රධාන පුහුණුකරු සාලිය කුමාරගේ විශ්වාසය වී තිබේ. ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලට යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩිකාවන් 7 දෙනකුම ඇතුළත් වන අතර, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් තිදෙනකු සමඟ ගුවන් හමුදාවෙන් සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩිකාව බැගින් ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියා රග්බි පිටියට එක්වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය සමඟ ජාතික ඔලිම්පික් කමිටුවේ දායකත්වය ලබා ගනිමිනි. ඊඑෆ්එල් සමාගම මෙවර කාන්තා රග්බි පිලට අනුග්‍රාහකත්වය සපයා ඇති අතර, වෙබෙක්ස්පේ සහ ටෘ ඩිජිටල් ප්‍රින්ටින් ආයතනය සම අනුග්‍රාහකත්වය දී ඇත. සාලිය කුමාර පුහුණුකරු ලෙසත්, මල්කාන්ති රත්නායක කළමනාකාරිනිය ලෙසත් එක් වී සිටිති. එංගලන්ත ජාතික බෙන් ගොලින්ස් උපදේශක පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජක රග්බි පිල මෙසේය.

දුලානි පල්ලෙකොන්දගේ (නායිකාව), දිලානි කාංචනා, චරණි ලියනගේ, නදීකා මුණසිංහ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි, නිමේෂා විජේවර්ධන (යුද), දිලානි පොල්හේවගේ, ජයන්ති දිල්රුක්ෂි, නිපුණි රසාංජලී (නාවික), අනූෂා අත්තනායක (සීආර්), අනූෂා සමරවීර (ගුවන්)

ෆවුස් මොහොමඩ්

 

http://www.dinamina.lk/

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk