Contact Us (+94)112667321
වසංගතයෙන් අඩපණ වූ රග්බි ක්රීඩාව යළි අරඹන්න

හිටපු නායකයාගෙන් ඉල්ලීමක් සුදුසු කාලය මෙය නොවෙයි - රග්බි සභාපතිවරයා කියයි

කොවිඩ් වසංගතයේ ව්යාප්තියත් සමඟ අධි අවදානම් සහිත ක්රීඩාවක් බවට සෞඛ් අංශ මගින් නම් කර ඇති රග්බි ක්රීඩාව යළි ආරම්භ කිරීමේදී ක්රීඩකයන්ගේ සෞඛ් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ශ්රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්රකාශ කළේය.

පවතින තත්ත්වය මත රග්බි ක්රීඩාව නැවත ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බවත්, ක්රීඩකයන්ට පිළිබඳ අවබෝධයක් තිබිය යුතු බවත් රග්බි සභාපතිවරයා කියා සිටියේය.

රග්බි සභාපති රිස්ලි ඉල්යාස් මහතා මේ අදහස් පළ කළේ ශ්රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු නායක දන්ෂා දයාන් පසුගියදා සමාජ මාධ් ඔස්සේ වීඩියෝ පටයක් මුදා හරිමින් ක්රීඩාව යළි ආරම්භ කරන ලෙස ඉල්ලා සිටීම ගැනදිනමිණකළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ක්රීඩාව යළි ආරම්භ කරන ලෙස ඉල්ලා සිටීම හිටපු රග්බි නායකයෙක් විදිහට ඔහුගේ පෞද්ගලික අදහසක්. ගැන අපි කලබල වෙන්න අවශ් නෑ. ඒත් කොවිඩ් වසංගතයේ ව්යාප්තිය ගැන අවධානය යොමු කරනවා නම් එවැනි ක්රීඩාවක් ආරම්භ කරන්න මේ අවස්ථාව නොවන බව ඕනෑම කෙනකුට වැටහෙන්න ඕනෑ. අපිටත් අවශ් හැකි ඉක්මනින්ම නැවත ක්රීඩාව ආරම්භ කරන්නයි. සඳහා අවස්ථාවක් ලැබෙන කල් තමයි අපිත් බලා ඉන්නේ.‘ ඉල්යාස් මහතා කියා සිටියේය.

වසරකට වැඩි කාලයක් පුරා අඩපණ වී ඇති මෙරට රග්බි ක්රීඩාව නැවත ඇරඹීමට නම් සෞඛ් අංශයේ මෙන්ම ක්රීඩා අමාත්යාංශයෙත් අනුමැතිය අවශ් බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ක්රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා හිටපු රග්බි ක්රීඩකයෙක්. නිසා ඔහුට මේ ගැන විශාල අවබෝධයක් තිබෙනවා. ක්රීඩාව යළි ආරම්භ කිරීමට අවස්ථාව උදා වූ වහාම ක්රීඩා ඇමැතිවරයා අපට සම්බන්ධව උපදෙස් දේවි. රග්බි ක්රීඩාවෙන් ආසියානු ක්රීඩා උලෙළේ සහ පොදු රාජ් මණ්ඩලයීය ක්රීඩා උලෙළේ දී පදක්කමක් දිනාගැනීමට අවශ් පසුබිම සකස් කිරීමට ක්රීඩකයන් සහ ක්රීඩිකාවන් 25 දෙනා බැගින් ඇතුළත් වන පරිදි ඉහළ තාක්ෂණික නේවාසික පුහුණුවක් සඳහා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනටමත් ක්රීඩා ඇමැතිවරයා අපට උපදෙස් දීලයි තියෙන්නේ.‘ ඔහු කීවේය.

ලබන වසරේදී ආසියානු ක්රීඩා උලෙළ සහ පොදුරාජ් මණ්ඩලයීය ක්රීඩා උලෙළ පැවැත්වෙන බවත්, පුහුණුවීමකින් තොරව එම ක්රීඩා උලෙළට ක්රීඩා කර පරාජය වී හිස් අතින් ආපසු පැමිණීමට නොහැකි බව සමාජ මාධ්යයට වීඩියෝ පටයක් මුදා හරිමින් දන්ෂා දයාන් කියා සිටියේය.

එමෙන්ම ක්රීඩාව නතර වීමෙන් සිය ක්රීඩකයන්ගේ වෘත්තීය ක්රීඩා දිවිය අතරමඟ නැවතී ඇතැයි , කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ ක්රීඩකයන්ට රැකියාව පවා අහිමි වි ඇතැයි දන්ෂා දයාන් ප්රකාශ කළේය.

මෙවැනි තත්ත්වයක් මත තව දුරටත් ක්රීඩාවේ රැඳී සිටින්නේද නැද්ද යන දෙගිඩියාවෙන් ක්රීඩකයන් පසුවන බව කී දන්ෂා දයාන් ආසියානු පදක්කමක් දිනා ගැනීමේ ඉලක්කය ඇතිව ක්රීඩකයන්ට නේවාසික පුහුණු කඳවුරක් ආරම්භ කිරීමට බලධාරීන් උත්සාහ නොගන්නේ මන්දැයි විමසා සිටියේය.

 

http://www.dinamina.lk

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk