Contact Us (+94)112667321
වෙරළ දූෂණය කරන රටවල් අතරින් ශ්රී ලංකාව 5 වැනි ස්ථානයට - අපේ රටේ වෙරළ රකින්න ඩයලොග් සමඟ රග්බි ක්රීඩකයින් පෙරට එති...

දිවයින වටා පවතින වෙරළ  පවිත්රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලදසයුර රකින රැල්ලතිරසර වෙරළ පවිත්රතා වැඩසටහනේ පළමු අදියර මෙරට ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත් කිරීමෙන් ආරම්භ කරන ලදී. මෙහිදී එක් රැස් කළ අපද්රව් කිලෝග්රෑම් 770 ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැහැර කිරීම සඳහා වත්තල ප්රාදේශීය සභාවට භාරදීමට කටයුතු කෙරිණිජාතික රග්බි කණ්ඩායම්වල ක්රීඩක ක්රීඩිකාවන් මෙන්ම වත්මන් කාන්තා සහ පිරිමි හිටපු  ක්රීඩකයන් වන  අසෝක ජයසේන, හිෂාම් ආබ්ඩීන්, ඩිල්රෝයි පෙරේරා, අජිත් උපවංශ, RMS රත්නායක සහ ජූඩ් පිල්ලේ යන ක්රීඩකයන්ද සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන්, ජනප්රිය සංගීතවේදීන් වන භාතිය හා සන්තුෂ්, Western Lions Academy හි තරුණ ලාබාල රග්බි ක්රීඩකයන්ද, ශ්රී ලංකා රග්බි ආතයනයේ බලධාරීන් ඩයලොග් කාර්යමණ්ඩලය සමග එක්වී පැය දෙකක කාලයක් පවිත් කිරීමේ කටයුත්ත සඳහා තම දායකත්වය ලබාදුන්හ.

ලෝක බැංකුවේ සමුද් දූෂණය පිළිබඳ ලැයිස්තුවේ ශ්රී ලංකාව අසතුටුදායක  ස්ථානයක ශ්රේණිගතව සිටින අතර, 2015දී ලොව දරුණු ලෙස වෙරළ දූෂණය කරන රටවල් අතර 5 වැනි ස්ථානයට  ශ්රී ලංකාව පත්විය. මේ සඳහා ප්රධාන වශයෙන් හේතු වූයේ ප්ලාස්ටික් අපද්රව් බැහැර කිරීමේ දුර්වල ක්රමවේදයයි. සාමාන්යයෙන් ශ්රී ලාංකිකයකු දිනක් තුළ නොදිරන අපද්රව් ග්රෑම් 500ක් පරිසරයට බැහැර කරන අතර එහි ප්රතිඵලයක් වශයෙන්, 2017 වසරේ වාර්තා අනුව පමණක්, කිලෝග්රෑම් මිලියන 100 තරම් දැවැන්ත ඝන අපද්රව් වාර්ෂිකව ශ්රී ලංකාවේ වෙරළාශ්රිතව එක්රැස්වී  තිබේ. මෙම පැය දෙකක අපද්රව් එක්රැස් කිරීමේ වැඩසටහන තුළදී කිලෝග්රෑම් 275.89 ප්ලාස්ටික්, ලෝහ කිලෝග්රෑම් 102.6 ක්, වීදුරු අපද්රව් කිලෝග්රෑම් 83 ක්, කාබනික අපද්රව් කිලෝග්රෑම්  250 ක්,  සහ කඩදාසි අපද්රව් කිලෝග්රෑම් 63 ක්  සාරුක්කුව වෙරළ තීරයෙන් රැස්කර ගැනුණි.

‘‘ශ්රී ලංකාවේ ස්වභාවික සම්පත් රැකගැනීම උදෙසා ප්රමුඛත්වය ගෙන කටයුතු කිරීම වෙනුවෙන් ඩයලොග් සහ ශ්රී ලංකා රග්බි ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. එසේම මෙම වැඩසටහන තුළින් දීර්ඝකාලීනව අනෙකුත් ක්රීඩා සංගම්, ආයතන වගේම සිවිල් සමාජයටත් පෙරට පැමිණ රටේ පුරවැසියන් වෙනුවෙන් පමණක් නොවේ, සොබාදහම සහ සතා සිව්පාවා වෙනුවෙනුත් තම වගකීම ඉටුකිරීමේ ජාතික කාර්යයට උරදීම දිරිගැන්වීම සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරයේ අවංක අපේක්ෂාවයි. මෙවැනි වැඩසටහන් හරහා යහපත් හෙට දවසක් ගොඩනගමින් සමාජය තුළ වෙනසක් ඇති කරන්නට ආයතන පොළඹවන බව අපි විශ්වාස කරනවා. මේ ආකාරයේ වැඩසටහන්වලට අවස්ථා උදාකිරීම සංචාරක ව්යාපාරය වෙනුවෙන් දොරටු විවර කළ රටක් ලෙස අපට විශේෂයෙන්ම වැදගත්.’’යනුවෙන් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර  පැවසුවාය.

‘‘පැසිෆික් සාගර කලාපයේ පිහිටි ෆීජි, සැමෝවා සහ ටොංගා වැනි රාජ්යවල රග්බි ක්රීඩාවේ දැවැන්තයින් බොහෝ අවස්ථාවල ක්රීඩාවේ යෙදෙන්නේ මුහුද වෙරළ ආශ්රිතවයි. ඔවුන්ගේ අපූර්ව පන්දු පාලනය කිරීමේ හැකියාව ලබාගන්නේ විශේෂයෙන්ම වෙරළ ආශ්රිතව සිදුකරන ටච් රග්බි ක්රීඩාව ආදියෙන් වුවත් එය ලංකාවේ එතරම් දකින දෙයක් නොවේ.’’ශ්රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය.

‘‘අපේ පාසල් කාලයේදී ටච් රග්බි ක්රීඩා කරන්න නිතරම වෙරළට පැමිණියා. මේ වෙරළ දූෂණය වැඩිවීමත් සමග, එවැනි ක්රියාකාරකම් සඳහා වෙරළ තවදුරටත්  සුදුසු නොවන තැනක් බවට පත්ව තිබෙනවා. වෙරළේ වැලි අතරට කාවැදී ඇති ගෘහස්ථ අපද්රව් නිසා කෙනෙකුට තුවාල වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. මෙම තිරසර වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වන්නේ  සැවොම වෙරළ අපවිත් කිරීමෙන් වැළකී, විධිමත් ආකාරයට කසළ බැහැර කරමින් වගකීම්සහගත පුරවැසියන් වශයෙන් කටයුතු කරනු දැකීමයි. යනුවෙන් ඉල්ලියාස් මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්යේෂ්ඨ සාමාන්යාධිකාරී - සන්නාම හා මාධ් - හර්ෂ සමරනායක මහතා මෙසේ අදහස් දැක්වීය.

ශ්රී ලංකා රග්බි කණ්ඩායමේ සාඩම්බර අනුග්රාහකයා ලෙස  ශ්රී ලංකා රග්බි සහ සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව වගකීම් විරහිතව කසල බැහැර කිරීම නිසා දූෂණය වූ අපගේ සමුද්රීය සම්පත රැකගැනීම වෙනුවෙන් මෙවන් වැඩසටහනක් ක්රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය. විශේෂයෙන්ම රග්බි වැනි විශාල ප්රේක්ෂක ආකර්ෂණයක් සහිත ක්රීඩාවක් සම්බන්ධ කරගැනීම තුළින්, රටේ මිල කළ නොහැකි ස්වභාවික සම්පත් රැකගැනීමේ වැදගත්කම පිළිබඳව ක්රීඩාලෝලීන්ටත් මහජනතාවටත් මනා අවබෝධයක් ලබාදීමට යහපත් බලපෑමක් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”



http://www.mavrata.lk

Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk