Contact Us (+94)112667321
පවුම් පනහක ඇබැද්දියෙන් සිලෝන් රග්බි සන්ගමය උපදිය්.....

( මෙම ලිපිය නීල් විජේරත්නයන් විසින්( ලක්බිම 04-02-1996) 1996 ජනවාරි අග භාගයේදී ලියන ලද්දේ නවසීලන්ත රග්බි කන්ඩායම් දෙකක් ශ්රීලන්කාවට පැමිනීමට නියමිත වීම අරමුණු කොටගෙන ලිව්වත් කොළඹ කොටුවේ බෝම්බ පිපිරීම නිසා එම ගමන අවලන්ගු විය)

නවසීලන්තයේ විශිෂ්ඨතම ප්රාන්ත කන්ඩායම් දෙකක් වූ ඔටාගෝ සහ ඕක්ලන්ඩ් රග්බි පාපන්දු ක්රීඩකයෝ තව නොබෝ දිනකින් ශ්රී ලන්කාවට පැමින තරග වැදීමට නියමිතය.මෙම සන්චාරයේ විශේෂත්වයක් වනුයේ ඉහත කී ප්රාන්ත කන්ඩායම් ලන්කාවේදී ඔවුනොවුන් හා සමග පමනක් ලන්කාවේදී තරග වැදීමට නියමිත වීමත් ඔවුන් නවසීලන්ත ජාතික පිලේ ' ඕල් බ්ලැක්ස්' ක්රීඩකයන් රැසකගෙන් සමන්විත වීමය්.
ඕල් බ්ලැක්ස් ක්රීඩකයන්ගේ තරග රටාව වාගෙම එකී නවසීලන්ත ජාතික රග්බි කන්ඩායමට එම නම පටබැදි ආකාරය කිසියම් විසිතුරු බවකින් යුක්තය.
නවසීලන්ත පිළ හා හා පුරා කියා බ්රිතාන්යයේ තරග වැදුනේ 1905-06 කාළයේදීය.ඕනෑම රග්බි කන්ඩායමක වේගයෙන් දිවයන ක්රීඩකයන් දුට හැකි වනුයේ පසුපෙළ ක්රීඩකයන් ගෙන් වුවත් , එම නවසීලන්ත පිළේ සියලුම සාමාජිකයන්ගේ තරග විලාසය ඉතා වේගවත් ලීලාවකින් යුක්ත විය.ඔවුන් සහභාගි වූ එක් තරගයක් වාර්තා කළ ක්රීඩා වාර්තාකරුවෙකු තම පිටපතර නවතාවයක් එක් කරනු වස්

"නවසීලන්ත ක්රීඩකයන් සියලු දෙනාම පසුපෙළ ක්රීඩකයන් වාගේ ඉතා වේගවත්" යන අරුත දෙනු සදහා ' නිව්සීලන්ඩර්ස් ඕල් බැක්ස්' ( New Zealanders - All Backs) යන කියමන යෙදීය.කෙසේ වෙතත් මෙම පිටපත පත්තර කන්තෝරුවේදී කිසියම් මුද්රණ දෝෂයකට හසුවී පසු දින කලඑළි දුටුවේ ' ඕල් බැක්ස්' ( All Backs) යන පදය වෙනුවර 'ඕල් බ්ලැක්ස්' ( All Blacks) යනුවෙන් මුද්රනය වීය.
තනිකරම කලුපැහැ ක්රීඩා ආයිත්තමෙන් සැරසුනු එම ක්රීඩකයින් ' ඕල් බ්ලැක්ස්' ( සියල්ලෝම කල්ලෝ) යන ඇමතුම කදිමට ගැලපුනෙන් එදා සිට නවසීලන්ත පිළ එම නමින් හැදින්වුනේලු.
සිලෝන් පිළ පොරබැදි මුල්ම අන්තර්ජාතික රග්බි පාපන්දු තරගය පැවැත්වුනේද නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිළ සමගය. 1907 දීය.තිරයෙන් පිටුපස හිද මෙම තරගය සන්විධානය කළ තැනැත්තා වූයේ එවකට පුවත්පත් ආයතනයක ප්රධානියෙකු වූ එච්.කැපර් නම් යුරොපියානු ජාතිකයාය.ඊට වසර කීපයකට කලින් නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිළ සූවස් ඇළ හරහා එන්ගලන්තයට යන අතරවාරයේ කොළොම්තොටට ගොඩ බැස ගිය නමුත් මෙහි තරග නොවැදීම නිසා සන්වේගයට පත් රග්බි ලෝලියෙකු වූ කැපර් ඊළග නවසීලන්ත කන්ඩායම එනතුරු ඇගිලිගනිමින් හුන් සෙයකි.1907 සැප්තැම්බර් මාසයේදී තවත් නවසීලන්ත කන්ඩායමක් ලන්කාව හරහා එන්ගලතයට යන ආරන්චිය කණ වැකීමත් සමග ක්රියාත්මක වූ කැපර් වහාම නවසීලන්තයට කේබල් පනිවිඩයක් යවමින් තරගයකට ඇරයුම් කැර ඇත.හුදෙක් ක්රීඩාවට ඇති ඇල්ම මත විකසිත වූ එම ඇරයුම නවසීලන්ත ක්රීඩකයන් පිළිගත්තේ පවුම් පණහක සහතික මුදලක් දීමට මෙරට සන්විධායකයන් එකග වූවාට පසුවය.

එවකට සී.එච් ඇන්ඩ් එෆ්.සී සමාජයේ ක්රීඩා භූමිය වූ හැව්ලොක් තුරග තරග පිටියේ 1907 සැප්තැම්බර් මස 12 වැනි දින හවස පවත්වන ලද මුල්ම අන්තර් ජාතික රග්බි පාපන්දු තරගය වශයෙන් ඉතිහාසයට එක්වූයේ ආකාරයෙනි., සී.එච්, දිඹුල, මහනුවර , දික් ඔය ක්රීඩා සමාජ නියෝජනය කළ ක්රීඩකයන්ගෙන් සමන්විත වූ සමස්ත ලන්කා පිලේ එකදු ලාන්කිකයෙක්වත් නොවීම විශේෂ සිද්ධියක් වීය.මන්ද යත් එකල රග්බි ක්රීඩාව වෙන්වී තිබුනේ පිටරැටියන්ට පමනක් වීමය.

ලකුණු 33-6 කින් ඕල්බ්ලැක්ස් පිළ ජයගත් එම තරගය පිළිබදව සැළවූ සැනින් එන්ගලතයේ මව් සන්ගමය වහාම ලනකාවට එරෙහිව තහනම් නියෝගයක් පනවන ලදී.ඊට හේතුව රග්බි ක්රීඩාවේ මව් සන්ගමයේ සාමජිකත්වය නොලබා ආධුනික ක්රීඩාවක් හැටියට සැලකූ රග්බි ක්රීඩාව සදහා මූල්යමය සහතිකයක් මත තරගවැදීමට සාමජික රටක් පෙළඹවීමය.

මේ හෙතුවෙන් ඕස්ට්රේලියානු ප්රාන්ත කන්ඩායමක් ලන්කාවට ගොඩබැස එහෙත් තරග නොවැදීම ආපසු නැව්නැග යන හැටි මෙර ක්රීඩාලෝලීන් බලා සිටියේ මහත් කණස්සල්ලෙන් බව කියැවේ.

ඉදහිට හෝ නැවෙන් එන තවත් සුදුජාතික කණ්ඩායමක් සමග තරග වැදීමට තිබුණු අවස්තාව නැතිවීම නිසා කලබලයට පත්වූ මෙරට රග්බි ක්ෂෙත්රයේ ආධිපත්යය දැරූ සුද්දෝ ඊට ප්රතිකර්මයක් සෙවූහ.එහි ප්රතිඵලය වූයේ එන්ගලන්තයේ මව් සන්ගමයට අනුයුක්ත කෙරෙමින් නව සන්ගමයක් මෙරට පිහිටුවීමය්.මෙම ඓතිහාසික රෑස්වීම පවත්වන ලද්දේ 1908 අගෝස්තු මස 10 වෙනි දින කොටුව වරාය ඉදිරිපිට ජී..එච් හෝටලයේදීය.සභාව සමන්විත වූයේ කොළඹ ඌව, කැළණිවැලි, මහනුවර දික් ඔය, දිඹුල ආදී රග්බි ක්රීඩාවේ ප්රධාන පළාත් නියෝජනය කළ සුද්දන් ගෙනි.එදින සභා තොමෝ විසිර ගියේ සිලෝන් රග්බි පාපන්දු සන්ගමයේ උපත සලසමිනි.
ශ්රීලන්කාවේ පවත්වන ලද මුල්ම අන්තර් ජාතික රග්බි තරගයට සහභාගී වූ රටේ ඇත්තන්ම ඉන් වසර90 පසු අහඹුවෙන් මෙන් ආපසු මෙරටට පැමිණ තරග වැදීම අසිරිමත් සිදුවීමක් ලෙස සැලකිය හැකිය

නීල් විජෙරත්න - ලක්බිම 1996- 02-04

 

 


Related News

World Rugby News

Filter Matchs By:

Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished

Filter Matchs By:

Rhino A(12)

(64-3-8 , 102pts)

Tiger(10)

(64-3-8 , 102pts)

live now
Wolf (0)

(64-3-8 , 102pts)

fox(0)

(64-3-8 , 102pts)

Finished
Lions(2)

(64-3-8 , 102pts)

bull(0)

(64-3-8 , 102pts)

Pending

©2018 - SRI LANKA RUGBY - All Rights Reserved

Site by www.stats.lk